Tuesday, December 3, 2013

පොළොවේ හැපුනොත් කම්මුතුයි


2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය.
අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු  මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසති.
නාසා ආයතනය කියන්නේ මෙම ග්‍රහවස්තුව සෑම අවුරුදු හතළිහකට වරක්ම පෘතුවිය පසුකර ගමන්ගන්නා බවයි.

Monday, December 2, 2013

මවු කුසේ සැප ඇති බේසමක්

පැරීසියේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන සෝනියා රොචෙල් විසින් මාස 2කට වඩා අඩු වයසැති ළදරුවන්  සදහා නාන බෙසමක් සාදා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මවගේ ගර්භාෂයේ දී මෙන්ම මේ බේසමේදීත් දරුවාට වෙනසක් නොදැනීමයි.    මෙය ‘තලාසෝ ළදරු ජල උල්පත‘ යනුවෙන් නම් කර ඇත.
මෙහිදි ළදරුවාගේ නාසය හා කට වතුර මතුපිට පිහිටන නිසා හුස්ම ගැනීමෙ අපහසුතා ඇති නොවන බව රොචෙල් කියන්නීය.
දෙමාපියන්ට මෙය අත්හදා නොබලන ලෙස ද දැනුම් දෙන බව ද ඇය පවසන්නීය.
මිහිකත යන්තම් බෙරේ

මෑත ඉතිහාසයේ සිදුවූ ප්‍රබලතම ගැමා කිරණ විහිදුමක් පසුගියදා නිරීක්ෂණය කිරීමට හැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් කියයි.
පෘථීවියෙන් ආලෝක වර්ෂ කෝටි 370ක දුරින් සිදුවී ඇති මෙම කිරණ විහිදුම හදිසියේවත් ඊට වඩා මදක් මෑතින් සිදුවුයේ නම් පෘථීවිය මේ වන විට දැවී අළු වී තිඛෙනු ඇති බව කියැවේ.
ගැමා කිරණ විහිදුමක් සිදුවන්නේ තරුවක් මිය යන විටදීය.විද්‍යාඥයින් පවසන ආකාරයට තරුවේ අංශු ඝණත්වය වැඩි වන තරමට එය මියයන අවස්ථාව එළැඹෙද්දී එයින් නිකුත් වන ශක්තියද ඉහළ යයි.තරුවක් මිය යන විටදී මහා පිපිරුමක් සිදුවන අතර ප්‍රබලත්වය අනුව නෝවා හෝ සුපර්නෝවාවක් ලෙස එය හදුන්වනු ලබයි.පිපුරුමෙන් පසු මෙම නෝවාවෙන් හෝ සුපර්නෝවාවෙන් විහිදෙන ශක්තිය විද්‍යුත් චුම්භක විකිරණයන් ලෙස ආලෝකයේ වේගයෙන් අභ්‍යාවකාශය පුරා විහිදේ.ගැමා කිරණ විහිදුමක් ලෙස හදුන්වන්නේ මෙවැන්නකි.
නෝවාවක හෝ සුපර්නෝවාවක දර්ශනය මල්වෙඩි සංදර්ශනයක් හා සමාන වන අතර විද්‍යාඥයන්ට අනුව නම් මෙවර ඔවුනට දැක ගත හැකිව තිඛෙන්නේ සියවසේ මල්වෙඩි සංදර්ශනයයි.
මියගිය තරුව සූර්යයා මෙන් 30 ගුණයක පමණ බරකින්ද සුර්යයාට වඩා ඉහළ ඝණත්වයකින්ද යුතු වූ වුවක් හෙයින් මෙසේ ප්‍රබල ගැමා කිරණ විහිදුමක් නිරීක්ෂණය කිරීමට හැකි වූවේ යැයි නාසා විද්‍යාඥයින් පවසයි.
මෙවන් මහා පිපිරුම් අභ්‍යාවකාශයේ ඇති තරුවල උපත හා විපත තීරණය කරන්නන් වේ.
පෘථීවිය ඇතුලූ අප සෞරග්‍රහ මණ්ඩලයද ඇතිවන්නට ඇත්තේ මෙවන් මහා පිපිරුමකිනැයි යන්න විද්වත් මතයයි.
මහා ධමනිය හීන් කරන මැෂිමක් එයි

ඉංජිනේරුවකු වූ ‍ටාල් ‍ගොලස්වර්ති උපතින්ම හෘද රෝගියෙකි. පදිංචිය බෙල්ජියමේ ය. වෛද්‍යවරුන් කියා සිටියේ ඊට හේතුව ජානමය බලපෑමක් බවයි. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය හෙවත් ටිකෙන් ටික විශාල වෙමින් තිබිණි. මේ රෝගය හේතුවෙන් ඔහුගේ රුධිරය දියරමය තත්ත්වයෙන් තබා ගැනීමට මුළු ජීවිත කාලය ම ඖෂධ ලබාගැනීමට සිදුව තිබිණි.
වෛද්‍ය විද්‍යාව නොදත් හෙතෙම සිය ඉංජිනේරු දැනුම උපයෝගී කැර ගනිමින් හදවතට අවශ්‍ය උපකරණයක් නිපදවූයේය. ඒ දැල් සහිත පොලියෙස්ටර් වැස්මකි. මේ උපාගය යොදා සිය මහ ධමනිය ප්‍රසාරණය වීම වැළැක්විය හැකිවන බවත් මහ ධමනිය එයින් ආවරණය කරන ලෙසත් ඔහු වෛද්‍යවරුන‍්ගෙන් ඉල්ලා සිටියේය. ටාල් ගේ පෙරැත්ත කිරීම අවසානයේ වෛද්‍යවරු පිළිගත්හ. ශල්‍යකර්මය සිදුකැරිණි. දැන් ටාල් සුවය ලබා ඇත. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය වීම ද නැවතී තිබේ. වෛද්‍යවරු පවසන්නේ මේ ඉංජිනේරුවා සෑදූ උපකරණය හදවතේ මහ ධමනිය ප්‍රසාරණය වීමේ මාරාන්තික රෝගයට ගොදුරුවී සිටිනි රෝගීන්ට සුදුසු ප්‍රතිකර්මයක් බවයි. වෛද්‍යවරු එම උපකරණය යොදා වයස අවුරුදු 16 ක් තරුණයකු ඇතුළු 40 දෙනකු දැනටමත් සුවපත් කළ බව වෛද්‍යවරු කියති.
මේ උපකරණය ගැන තොරතුරු පවසන ගොලස්වර්ති ලොව පුරා ශල්‍යවෛද්‍යවරුන්ට මෙහි සාර්ථකත්වය දැනුම් දෙමින් සිටියි. බ්‍රිතාන්‍යයෙන් පමණක් ජානමය හේතූන් නිසා අසාමාන්‍ය ලෙස අස්ථි වැඩීම සමහ පටක වර්ධනය වන රෝගීන් 12,000 ට වැඩි පිරිසක් සිටින බව එරට සංඛ්‍යාලේඛණ පෙන්වාදෙයි.
සාමාන්‍යයෙන් මහ ධමනියේ අගල් එකහමාරක් පමණ විශ්කම්භයකින් යුක්තය. රෝගය හේතුවෙන් එය අගල් හතරක් පමණ පළල්වේ. එවිට මහ ධමනිය පුපුරා යාමෙන් හා රුධිරයේ දියරමය ස්වභාවය අඩු විමෙන් මරණය සිදුවේ. මෙවැනි රෝගීන්ගේ මහ ධමනියේ ප්‍රමාණය ස්කැන් පරික්ෂාවකින්  තීරණය කැර රෝගියාට අවශ්‍ය පරිදි මේ  උපාංගය නිර්මාණය කරයි. එලෙස සාදන උපකරණය සැත්කම මගින් මහ ධමනියට සවිකැර පුතිසංස්කරණය කරයි. මහ ධමනිය දුර්වල විමට පෙර මෙම සැත්කම කිරීම අත්‍යාවශ්‍ය කරැණකි.
වල්ග හයක වල්ගාතරුවක් සොයාගනී

වල්ගා හයකින් යුතු විස්මිත වල්ගාතරුවක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. හබල් දුරේක්ෂය ආධාරයෙන් මෙය මුල්වරට දැක ඇත්තේ සැප්තැම්බර් 10 දින දීය.
එය දැනට පී/2013 පී5 ලෙස නම්කැර ඇත. කැලිෆෝනියා විශ්විවද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ජේවිත්, මැක්ස් ප්ලාන්ක් සහ සූර්ය නිරීක්ෂණ ආයතනයේ ආචාර්ය ජෙසිකා අග්‍රාවල්,  ජෝන් හොප්කින්ස් සරසවියේ එච්.වේවර් සහ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ එස්.ලාර්සන් විසින් මේ ගැන පර්යේෂණ සිදුකැර ඇත.
ඔවුන් පවසන්නේ අඩි 790 ක් පමණ විශ්කම්භයකින් යුතු ඇස්ටරොයිඩයක් සේ දිස්වූ ඒ වටා බයිසිකල් රෝදය ස්පෝක් පිහිටන ආකාරයට විහිදී ඇති වල්ග හයක් දක්නට ලැබෙන බවයි. මෙහි ඇති විවිධ හැඩයෙන් යුත් වල්ග සැප්තැම්බර් 10දා දුටු ආකාරයට වඩා ඉන් දින කිහිපයකට පසු නිරික්ෂනය කරද්දී වෙනස් හැඩයක් ගෙන තිබූ බවයි.
''එය දුටු මොහොතේ අපි තුශ්නිම්භූත වී ගියා. ඒ වල්ගය විටින් විට වෙනස් වනවා. එය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාරජනක දර්හනයක්. " කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ඩේවිඩ් ඒ ගැන එසේ කීවේය.
විද්‍යාඥයන් පවසන්නේ දූලි වළාවේ වනස්වීම් යම් කිසි කෝණයකට අනුව සිදුවන බව සොයාගත හැකි වූ බවයි. එමෙන්ම එකවර විශාල පිපිරීමක් සිදුවීමෙන් දූවිලි ඈතට විහිදී යන බවක් පෙනේ යැයි ද ඔවුහු කියති. ඔවුන් පවසන්නේ ඉදිරියට මාස පහක්වත් මේ වස්තුව දූලි වළාන් විහිදුවනු ඇති බවයි.
ආචාර්ය ජෙසිකා අග්‍රවාල් පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම නිතරම වල්ගාතරුව නිරීක්ෂණය කළ බවයි. ඔවුන් සොයාගත් තොරතුරු අනුව මෙය භ්‍රමණය වන වේගය අනුව දූවිලි වළාව ක්ෂය වී යන බව ඔහු කියා සිටියි.
මහාචාර්ය ජේවිත් මෙසේ පවසයි.
 “මේ වගේ වල්ග තරුවක් හැදෙන්න ගොඩක් කල් යනවා. මේවා මත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1,500ක් පමණ වනවා. ”
 රසාංකුර මෘදුකාංගයක්

අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.
මෙම උපාංගය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇති නිමේෂ රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකි. අනතුරුව මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස ඩයලොග් හා ඉන්ටර්බ්ලොක්ස් ආයතනයන්ගේ සේවය කර ඇති හෙතෙම 2008 වසරේදී සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු දැන් එම සරසවියේම පර්යේෂකයෙකු ලෙස සේවය කරමින් සිටී.
අප ආහාර ගැනීමේදී ආහාර ඛේටයේ දියවේ. මෙම දියවීමේදී ආහාර වලට රසයන් ගෙන දෙන රසායනිකද ඛේටයට එක්වේ. අපට රසය දැනෙන්නේ මෙම ඛේටයේ දියවූ රසායනිකයන් හමුවේ දිවෙහි ඇති රසාංකුර නම් රස හදුනාගැනීමේ සමත් සංවේදකයන් උත්තේජනය වීම නිසාය. තිත්ත,ලූණු,ඇඹුල්,පැණි ලෙස ප්‍රධාන රසයන් 4 ක් හදුනාගැනීමේ සමත් රසාංකුර වර්ග 4 ක් මිනිස් දිවෙහි පිහිටා ඇත.
ආචාර්ය නිමේශ රණසිංහ ඇතුලූ ඔහුගේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ මෙම රසාංකුරයන් කෘතිමව උත්තේජනය කිරීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමයි.මෙහිදී ආහාර ගැනීමකින් තොරවම රස දැනගැනීමේ හැකියාව භාවිතා කරන්නාට ලැබේ.
ආචාර්ය නිමේෂ රණසිංහ පවසන ආකාරයට ආහාරයක zzරසzz දැනගැනීමට මෙම උපාංගය දිවේ තුඩින් මදක් ස්පර්ෂ කිරීම පමණක් සෑහේ.
මෙහි කි්‍රයාකාරීත්වය ගැනද පැහැදිලි කරන ඔහු අර්ධ සන්නායක වලින් නිර්මිත මෙම උපාංගයේ සිදුවන සියුම් උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් මෙසේ දිවෙහි රස සංවේදකයන් උත්තේජනය කරන බව කියයි.මෙම උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් පාලනය කරනු ලබන්නේ පරිගණක වැඩසටහනකිනි.එම වැඩසටහනද ආචාර්ය නිමේෂ රණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිසගේ නිර්මාණයකි.
රස දැනවීමට අමතරව ආහාරයක් පිළිඹද සැළකීමේදී සුවදද වැදගත් වන හෙයින් රසත් සුවදදත් දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමටත් සැළසුම් කර ඇතැයි ඔහු කියයි.
උපාංගයේ භාවිතයන් ගැනත් සදහනක් කරන ඔහු දියවැඩියාව ඇති රෝගීන්ට පෙර රස විදි සීනි සහිත ආහාරයක රස විදගැනීමේ හැකියාව මෙයින් ලැඛෙනු ඇති බව පවසයි.තවද විකිරණ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ටද මෙම උපකරණයෙන් ඔවුනට තවදුරටත් සුදුසු නොවන එහෙත් ඔවුන් පෙර රසවිදි ආහාරයන්ගේ රසයවත් දැනගැනීමේ හැකියාව ලැඛෙනු ඇති බව කියයි.
ඒ කෙසේ වුවත් මෙම උපකරණය නිර්මාණය කිරීමේ අරමුණ මිනිසා අතත්‍ය යථාර්ථයට තවදුරටත් ළං කිරීම බව ඔහු පවසයි. දැනටමත් යථාර්ථයට වඩා අතත්‍ය යථාර්ථය ජීවිතයේ කොටසක් කරගෙන සිටින මිනිසා හට මෙවන් උපාංග භාවිතයත් ඉදිරියේදී වැදගත් වනු ඇති බව ඔහුගේ අදහසයි.
ඉදිරියේදී කෙතරම් ලෙව කෑවද ඉවර නොවන සීනි වැඩි යැයි කරදර වීමට සිදුනොවන ඩිජිටල් ‘සීනි බෝලයකුත්‘ නිර්මාණය කිරීමේ අදහසකුත් තමන්ට ඇතැයි ඔහු කියයි.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමට ආචාර්ය නිමේෂ රණසිංහ ඇතුලූ පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.
කොන්දේ රුදාවට මුල අඩි උස සපත්තු ?

ඇවිදීමේදී හා හිටගෙන සිටීමේදී අඩිය උස්සා නැති පැතලි පාවහන් පැළදීමෙන් කොන්දේ කැක්කුම් දුරුකැර ගත හැකි බව එංගලන්තයේ ලන්ඩන් නගරයේ කිංග්ස් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. පර්යේෂකයන් පවසන්නේ පැතලි පාවහන් දිනකට පැය දෙකක් පමණ පැළ
 සිටිමෙන් වේදනාකාරී කොන්දේ රිදුම් මගහැරිය හැකි බවයි.
පර්යේෂකයන් පවසන්නේ උල්වූ හැඩැති අඩි උස පාවහන් පැළ
දීමෙන් ඉරියව් ස්ථායී තත්ත්වයක් දක්නට ලැබුන ද ඇතිවන‍ කොන්දේ කැක්කුම විශාල ගැටළුවක් බවයි.කොන්දේ වේදනාවන්ගෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාව දින දිනම ඉහළ යන බව ද පර්යේෂකයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට පැය දෙකක් වැනි කාලයක් පැතලි පාවහන් පැළ
ද සිටින පුද්ගලයකුට මාස හයකට පසු කොන්දේ වේදනාව සුවකැර ගත හැකි බව ද ඔවුන් පෙන්වාදෙයි
අයිසොන් ඉවරයි ?

ඉතා දීප්තිමත්ව දක්නට ලැබීම හේතුවෙන් සියවසේ වල්ගාතරුව ලෙස නම්කැරුණු අයිසොන් වල්ගාතරුව හිරුගේ ක්‍රියාකාරීත්වයට හසුව විනාශ වී යනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති. අද හිරුට වඩාත් සමීපවන වල්ගාතරුවේ න්‍යෂ්ඨිය හිරුගේ උෂ්ණත්වය හා කිරණවල බලපෑමෙන් දැනටමත් බි
දී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් පවසන්නේ අද සවස හෝ හෙට අළුයම අයිසොන් හිරු ආසන්නයේ දී පුපුරා විනාශ වීමට ඉඩ ඇති බවයි.
පසුගිය නොවැම්බර් 18 සිට 23 දක්වා අයිසොන් ශ්‍රී ලංකාවට ඉහළ නැගෙනහිර අහසේ දැකිය හැකි ලෙස ස්ථානගතවී පැවතිය ද අධික මීදුම හා වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙරට වැසියන්ට දැකගත නොහැකි විය. විද්‍යාඥයන් කියා සිටියේ හිරු ආසන්නයට යන වල්ගාතරුව යළි ආපසු හැරී එද්දී එය ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකිවන බවයි.
ඇට කෑමෙන් මරණය කල් යයි

කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පිස්ටච්යොස් හා රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශික්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි.
ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන් 119,000කගේ ජීවන රටාව අධ්‍යයනය කැර තිබේ. සතියේ දින හතම ඇටවර්ග අහුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් මිනිසුන් මරණයට පත්වීමේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයකුගේ මරණයට පත්වීමේ කාලයට වඩා පස් ගුණයකින් අඩු වී ඇති බවත් සතියකට එක් වතාවක් ඇට වර්ගයක් ආහාරයට ගත් පුද්ගලයන් මරණයට පත්වීම සියයට හතකින් අඩුවී ඇති බවත් මේ පර්යේෂණයෙන් හෙළි‍වී ඇත. ඔවුන් විසින් කරන ලද පර්යේෂණයේ වාර්තාව බ්‍රිතාන්‍යයේ නව වෛද්‍ය පර්යේෂණ සදහා වූ ජර්නලයේ ප්‍රකාශයට පත්කැර තිබේ.
පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් යන සංකල්පයට වඩා ඇටවර්ග ආහාරයට ගැනීමෙන් මරණය ඈත් කැරගත හැකි බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන සයන් ක්ලාර්ක් මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පෙන්වා‍ දෙන්නේ ඇට සහිත ආහාර පිළිකා සමග සටන් කරනු ලබන සූක්ෂම අණුක සහිත සෛල වලින් සමන්විත බවයි. එමෙන්ම තඹ, තුත්තනාගම්, යකඩ, මැග්නීසියම් අඩංගු ඇට වර්ග හේතුවෙන් ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකිවන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
මේ ඇට මේද සහිතය. ‍ඇට වර්ගවල ඇති මේදය මගින් අඝාතය සහ හෘද රෝග වළක්වාලයි. පර්යේෂකයන් පවසන්නේ චොකලට් පැකට්ටුවක් කනවාට වඩා කෙදි සහිත ඇට වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් බවයි. සෑම ගෙඩිවර්ගයකම ඒවායේ විශේෂිත වූ වාසි ඇත. ඇතැම් ගෙඩි වර්ග විටමින් වලින් අනූන වන අතර ඇතැම් ගෙඩි වර්ග ඔමෙගා තුන නමැති මේද වර්ගයෙන් සංතෘප්තව තිබේ.
ක්ලාර්ක් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ කොට්ටම්බා වැනි ගෙඩිවල ලෙල්ල ආහාරයට එක්කැර ගැනීම වඩාත් වාසිදායක බවයි.
''කොට්ටම්බා ලෙල්ල ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයක්. එහි ප්‍රෝටීන් හොදින් අඩංගුවනවා. කොට්ටම්බා ගෙඩි 20-25 ක් ගත් විට එහි කැලරි 163 ක් තිබෙනවා. සමට සහ ස්නායු පද්ධතිය නි‍රෝගීව තබා ගැනීමට කොට්ටම්බා උපකාරි වනවා. ඒ වගේම දත් සහ අස්ථි ප්‍රතිශක්තීරණයට හා ඇසේ පෙනීම යහපත්ව තබා ගැනීමටත් කොට්ටම්බා වැදගත්. කජු මද 16ක් 18 ක් ගත විට එහි කැලරි 163 ක් තිබෙනවා. යකඩ හා තුත්තනාගම් වලින් සමන්විත කජු රුධිරයේ ඔක්සිජන් පරිවහනයට විශාල වශයෙන් උදව් කරනවා. ඒ වගේම රටකජු ද පෝෂණයෙන් අනූන ආහාරයක් මේ සියල්ල මිනිසුන්ගේ මරණය කල් දැමීමට උපකාරී වන බව ස්ථිරයි "
මෙම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ධාන්‍ය ලෙස සමාන්‍ය භාවිතයේ ඇති ඇට වර්ග නොව ඔවුන් පවසන ආකාරයේ ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාව ඇති නොවන බවයි. එමෙන්ම එවැනි ඇට වර්ග කෑමට ගන්නා පුද්ගලයන් දුම්පානය ප්‍රිය නොකරන බවත්, ව්‍යායාම වලට වැඩි කැමැත්තක් දක්වන බවත්, පළතුරු සහ එළවළු ආහාරට රුචි බවත් පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
මී මැස්සෝ පිළිකා සොයති

මී මැස්සන් යොදාගෙන පිළිකා‍ රෝගීන් හදුනාගැනීමට හැකි බව පෘතුගීසි ජාතික නිපැයුම් කරුවෙක් වන සුසානා සෝරස් මහත්මිය කියයි. ඇය පවසන්නේ කුටිර දෙකකින් සමන්විත තම නිර්මාණයේ ඇති එක් වීදුරු කුටීරයකට පුහුණු කරන ලද මී මැස්සන් ඇතුළුකරන බවයි. ඉන් පසු එම කුටීරයට පුද්ගලයකුගේ මුඛයෙන් වාතය (ප්‍රාශ්වාස වාතය) ඇතුළුකරවන බවයි.
සෝරස් මහත්මිය පවසන්නේ ප්‍රාශ්වාසය වාතය ඇතුළු කළ විට මී මැස්සන් අනෙක් කුටීරයට ගමන් කරනවානම් අදාල පුද්ගලයාට පිළිකාවක් පවතින බවයි.
ඇය වැඩිදුරටත් මෙසේ පවසන්නීය.
'' මේ මී මැස්සන්ට පුරුදු කරන්න විනාඩි දහයක්වත් ගතවන්නේ නැහැ. මුර බල්ලන්ට වඩා වැඩි ගන්ධ සංවේදීතාවක් මී මැස්සන්ට තිබෙනවා. තව ද මී මැස්සන් හොදින් පුහුණු කළහොත් බෝම්බ සොයන්න පවා යොදා ගත හැකියි. "
ඇය පවසන්නේ සීනි සහිත ද්‍රාවණයක් මී මැස්සන්ට ලබා දීමට පෙර ඔවුන්ට පුහුණු කිරීමට අවශ්‍ය ගන්ධය ආශ්වාස කිරීමට සැලැස්විය යුතු බවයි. ඉන් පසු සීනි ද්‍රාවණය ලබාදුන් විට මී මැස්සා තමන්ට කලින් ලබාදුන් ගන්ධය ජීවිත කාලයම මතකයේ තබා ගන්නා බව ද පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන ඇත. මේ ආකාරයට ගන්ධයන් මතකයේ තබාගන්නා මී මැස්සන් යොදා ගනිමින් පිළිකා, ක්ෂය රෝගය ආදී රෝග හ
දුනාගැනීම සාර්ථකවී ඇතැයි සෝරස් මහත්මිය පවසන්නීය.
ඌරාත් මිනිසාගේ නෑයෙක්

මිනිසා පරිනාමය වී ඇත්තේ චිම්පන්සියෙකු හා ඌරෙකු අතර දෙමුහුමකිනියි පෙරළිකාර මතයක් ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු වන ඉයුජීන් මැකාර්ති ඉදිරිපත් කර ඇත.
ඉයුජීන් මැකාර්ති ජාන පර්යේෂණ සම්බන්ධයෙන් ලොව පිළිගත් පුද්ගලයෙකු වන අතර මෙනිසා ඔහුගේ මෙම මතය විකාරයක් යැයි සිතා එක්වනම බැහැර කිරීමට කිසිවෙකුත් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.
මිනිස් පරිනාමය ගැන අධ්‍යනය කරන පර්යේෂකයන්ගේ හා විද්‍යාඥයන්ගේ මතය වන්නේ මිනිසා පරිනාමය වන්නට ඇත්තේ චිම්පන්සීන්ගෙන් බවයි.මිනිසා හා සමාන වන ජාන සැකැස්මක් චිම්පන්සීන්ටත් පැවතීම නිසා මිනිසාගේ ළගම ඥාතියා ලෙස චිම්පන්සීන් හැදින්වේ.
නමුත් විද්‍යාඥ ඉයුජීන් මැකාර්ති පවසන්නේ එසේ සමාන ජාන සැකැස්මක් පැවතුනද චිම්පන්සීන් හා අප සමාන නොවන සාධක බොහෝමයක් ඇති බවයි.රෝම සහිත ඝණ සම,පැතලිව ගොස් ඇති නාසය වැනි චිම්පන්සීන්ගේ දැකගත හැකි ලක්ෂණයන් ඔවුන් ළගම ඥාතියා ලෙස හදුන්වාගන්නා මිනිසාගේ නැත්තේ මන්ද යැයි ඔහු ප‍්‍රශ්න කරයි.
රෝම රහිත සිනිදු සම,සමට යටින් පිහිටන මේද ස්ථරය,ලා වර්ණයන්ගෙන් යුත් ඇස්,ඉදිරියට නෙරා පැමිණ ඇති නාසය,ඝණ ඇහිබැමි ආදී චිම්පන්සීන්ගේ හදුනාගත නොහැකි ලක්ෂණ බොහෝමයක් මිනිසාට ඇතැයිද මෙම ලක්ෂණයන් එලෙසම ඌරන්ගේත් පිහිටන්නේ යැයිද ඔහුගේ තර්කය වී ඇත.
තම මතය ආන්දෝලනාත්මක බව විද්‍යාඥ ඉයුජීන්ම පිළිගනී.
නමුත් ඌරන්ගේ දේහ අභ්‍යන්තර සැකැස්ම මිනිසාට බොහෝ සමාන වන කල වෛද්‍ය විද්‍යාවේදී මිනිසාට ඇති මෙම සමානත්වය නිසාම ඌරන්ගේ පටක හා ඌරු හෘදයේ කපාට රෝගී මිනිස් සිරුරේ ඇති දුබලතා මැඞීමටත් භාවිත වන කල විද්‍යාඥ ඉයුජීන්ගේ මතය එක්වනම බැහැර කළ නොහැකි බවකුත් පෙනේ.
ජීවීන් විශේෂ 2 ක් අතර ඇතිවන දෙමුහුමකින් උපදින ජීවියා ස්වභාවයෙන් වදය.දැනට විද්‍යාඥ ඉයුජීන්ගේ මතයට එරෙහිව ඉදිරිපත් කෙරී ඇති ප‍්‍රධාන සාධකයක්ද වන්නේ මෙයයි.පරිනාමය අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් හෝ ගතවන කි‍්‍රයාවලියකි.පරිනාමය වීමේදී සිදුවන්නේ එම කාලය අතරතුරදී පරිසරයට වඩාත් ගැලපෙන ජීවීන් නිර්මානය වීමයි.මෙම ජීවීන් නිර්මානය වීමේ කටයුත්තට ප‍්‍රජනන කි‍්‍රයාවලිය අත්‍යාවශ්‍යය.
නමුත් විද්‍යාඥ ඉයුජීන්ගේ දෙමුහුම් සත්ත්වයාට එසේ හැකියාවක් පැවත නැතැයි බහුතර විද්‍යාඥයන්ගේ මතයයි.මෙනිසා එවැනි සත්ත්වයෙකුගෙන් මිනිසා පරිනාමය වී ඇතැයි පැවසීමත් විහිලූවක් බව ඔවුන් පවසයි.
නමුත් මෙයට පිළිතුරු සපයන විද්‍යාඥ ඉයුජීන් එම උපන් සත්ත්වයා හා ප‍්‍රජනන කි‍්‍රයාවලියේ යෙදීමට වෙනත් චිම්පන්සීන් සැරසෙන්නට ඇතැයිද මුලදී අසාර්ථක වුවත් පසුව පරිනාම කි‍්‍රයාවලිය නිසාවෙන්ම එම සත්ත්වයාට වද තත්ත්වයෙන් මිදීමට හැකි වන්නට ඇතැයිද පවසයි.
කෙසේ වුවත් මෙම මතය ස්ථීර ලෙස තහවුරු කිරීමක් මෙතෙක් සිදුකෙරී නොමැත.විද්‍යාඥ ඉයුජීන්ට තම මතය පැහැදිලි කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.අනෙක් අතට මිනිසා පරිනාමය වූයේ චිම්පන්සීන්ගෙන්යැයි පිළිගන්නා විද්‍යාඥයන්ටත් එම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසදුණු ගැටලූ රාශියකට පිළිතුරු සැපයීමටත් සිදුව ඇත.මෙනිසා දෙපාර්ශවයේම කරුණු ඉදිරිපත් කිරීම් වලට අනුව අප අද සිටිනා තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයාගත හැකි වනු ඇත.
සතුටින් කෑවොත් මහත්වන්නේ නෑ

තරබාරුබව ඇතිවීමට හේතුවන ආහාරයක් වුව ද කැමැත්තෙන් හා රසවිදිමින් කන්නේ නම් එය මහත්වීමට හේතුවක් නොවේයැයි මනෝ විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ ආහාරවල ආශ්වාදය මිනිසුන්ගේ යහ පැවැත්වමට අත්‍යාවශ්‍ය බවයි. තමන් ගන්නා ආහාරය වැරදි ආහාරයක් ලෙස සළකා ගතහොත් සිරුරේ බර ඒ නිසාම කිලෝ කිහිපයකින් වැඩිවන බවත් ඔවුහු පෙන්වා දෙති.
ආහාර රුචිය පිළිබද තොරතුරු ඇතුලත් ජාත්‍යන්තර සගරාවක මේ සම්බන්ධ තොරතුරු දක්වා ඇත. ඔවුන් පවසන්නේ ලොව චොකලට් අනුභවය අතින් හත්වැනි ස්ථානයේ සිටින බ්‍රිතාන්‍යයේ වාර්ෂික ඒක පුද්ගල චොකලට් පරිභෝජනය රාත්තල් 17ක් පමණ වන බවයි. විනෝදයක් ලෙස චොකලට් ආහාරයට ගන්නේ නම් ඔවුන්ගේ බර වැඩිවිමට චොකලට හේතු නොවන බව මේ පර්යේෂකයෝ කියති.
එසේ වුව ද අධික ලෙස‍ මේදය හා සීනි ඇති බැවින් චොකලට් කෑම තරබාරුබවට හේතුවිය යුතුය. නවසීලන්තයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කළ මේ පර්යේෂණයෙන් පෙන්වා ඇත්තේ තරබාරු බවට මිනිස් සිතිවිලි ද හේතුවන බවයි. ආචාර්ය රොලින් කුජිර් සහ ජෙසිකා බොයිස් මේ පර්යේෂණය සදහා වයස අවුරුදු 18ත් 86ත් අතර පුද්ගලයන් 300ක් තෝරාගෙන ඔවුන්ගේ බර ආහාර පුරුදු මගින් අඩුකැර ගැනීමේ හැකියාව පිළිබ
ද අධ්‍යයනය කැර ඇත.
ඉන් සියයට 27 ක් චොකලට් කෑමට ගත්තේ අකමැත්තෙනි. සියයට 73 ක් කැමැත්තෙන් චොකලට් ආහාරයට ගෙන තිබිණි. මාස 18 ක් පුරා දත්ත විශ්ලේෂණය කිරිමෙන් අනුතුරුව සොයාගනු ලැබූවේ අකමැත්තෙන් චොකලට් කෑ පිරිස බර වැඩිකරගෙන ඇති බවයි. චොකලට් කෑමට වැඩි රුචිකත්වයක් දැක්වූ අය සිරුරේ බර වැඩිකැරගෙන නැත.
ආහාරවල ඇති ප්‍රියජනක බව පසුගිය කාලයට වඩා අවධානය යොමු කළ යුතු බව පෙන්වාදෙන කාර්ඩිප් මෙට්‍රොපොලින්ටන් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ පෝල් බක්ලි පවසන්නේ පිරිමින්ට වඩා ගැහැනුන්ට ආහාර රුචිකත්වය සම්බන්ධයෙන් වැඩි බලපෑඹක් ඇති බවයි. ඇතැම් පුද්ගලයන් විවිධ ආහාරවලින් ඇතිවන බලපෑම් ගැන පසුතැවෙන බවත් එවැනි හැසිරිම් සහජයෙන් හෝ පාරම්පරික උරුමයෙන් හටගන්නා බැවින් වෙනස් කිරීම අපහසු බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.